ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව ලන්දේසීන් සමඟ අද තරග බිමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වන තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේ මුහුණ දෙන තරග නවය තුළ ක්‍රීඩා කරන එකම දිවා තරගය මෙය වීම ද විශේෂත්වයක්.

ලක්නව් හිදී මෙම තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ද පැවැත්වුණේ මෙම ක්‍රීඩාංගණයේ දී යි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මුහුණදුන් තරග තුනම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ මේ වනවිට රැඳී සිටිනවා.

ඒ අනුව කණ්ඩායමේ ගෞරව වෙනුවෙන් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වනවා.

මේ අතර නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානයේ පසුවන්නේ ඔවුන් මුහුණ දුන් තරග තුනෙන් එක තරගයක් ජයගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් මූලික වටයේ සහභාගීවන ඉදිරි තරග සියල්ලම ජයගත යුතු වනවා.

අද තරගය ද සමඟ ශ්‍රී ලංකා පිළට මූලික වටයේ තවත් තරග හයක් ඉතිරිව තිබෙනවා.

මේ අතර කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (20) එක්වුණා.

අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ එක වෙනස්කමක් සිදුවනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58