spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව ලන්දේසීන් සමඟ අද තරග බිමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වන තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේ මුහුණ දෙන තරග නවය තුළ ක්‍රීඩා කරන එකම දිවා තරගය මෙය වීම ද විශේෂත්වයක්.

ලක්නව් හිදී මෙම තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ද පැවැත්වුණේ මෙම ක්‍රීඩාංගණයේ දී යි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මුහුණදුන් තරග තුනම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ මේ වනවිට රැඳී සිටිනවා.

ඒ අනුව කණ්ඩායමේ ගෞරව වෙනුවෙන් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වනවා.

මේ අතර නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානයේ පසුවන්නේ ඔවුන් මුහුණ දුන් තරග තුනෙන් එක තරගයක් ජයගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් මූලික වටයේ සහභාගීවන ඉදිරි තරග සියල්ලම ජයගත යුතු වනවා.

අද තරගය ද සමඟ ශ්‍රී ලංකා පිළට මූලික වටයේ තවත් තරග හයක් ඉතිරිව තිබෙනවා.

මේ අතර කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (20) එක්වුණා.

අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ එක වෙනස්කමක් සිදුවනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?