Empty Ad
Empty Ad
AFC Banner

ගෝල්ෆේස් පාරේ දී තුන්සක රියක් ගිනිබත් වෙයි (වීඩියෝ)

කොළඹ – ගාලු මුවදොර දී ත්‍රීවිල් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 9ට පමණ මෙම ගිනි ගැනීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට දි මෙම අනතුර සිදු ව තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක් ව ඇති බවයි පැවසෙන්නේ.

ගිනි ගැනීම ආරම්භ වනවාත් සමග ම රියෙහි සිටි පිරිස ඉන් ඉවත් ව තිබෙන හෙයින් ජීවිත හානි හෝ තුවාල වාර්තා වන්නේ නැහැ.

ජලය යොදා ගින්න පාලනයට උත්සාහ ගැනුණ ද එය අසාර්ථක වීම මත ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් විය හැකි බවට කොටුව පොලිසිය සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?