ගෝල්ෆේස් ප්‍රහාරය ගැන සජිත් විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි – මන්ත්‍රී පිරිසක් UN කාර්යාලයට

ගාලුමෝදර පිටියේ සිටි අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලයට අද (22) විශේෂ සංදේශයක් භාරදෙනු ලැබුවා.

නලීන් බණ්ඩාර, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම ප්‍රහාරය සඳහා අණ දුන්නේ කවුද, සැලසුම් කළේ කවුද, ප්‍රහාරය එල්ල කළේ කවුද, යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එමෙන්ම ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට පලා යෑමට නොහැකි බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය පිළිකුලෙන් හෙලාදකින බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

294186557 599573281530628 1499832650883449494 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?