ගෝල්ෆේස් අරගලයට දින 50යි – කොළඹ දී අද දැවැන්ත විරෝධතාවයක්

ගාලුමුවදොර පැවැත්වෙන සාමකාමී අරගලයට අදට දින 50ක් ගත වනවා.

ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට දන්වමින් පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිස් එක්ව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මෙම විරෝධතාව ආරම්භ කළා.

එලෙස ආරම්භ කළ මෙම විරෝධතාවට අදට දින 50ක් ගතවන අතර, අරගලකරුවන් මෙම විරෝධතාව ආරම්භයේදීම කටයුතු කළ විරෝධතා භූමිය “ගෝඨා ගෝ ගම” ලෙස නම් කිරීමටයි.

මෙම අරගලය ආරම්භ කළ දිනයේ සිට අද දක්වා සමාජයේ විවිධ පුද්ගලයින් සහ කණ්ඩායමේ එක්ව අරගල භූමියට පැමිණ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට එක් වුණා.

පසුගිය 09 වනදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී අරගලකරුවන් විශාල පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර ජන අරගලයට දින 50ක් සපිරීම නිමිත්තෙන් අරගලකරුවන් ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතාවයක් අද (28) දිනයේ සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේදී කොළඹ නගර සීමාවේ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් උද්ඝෝෂකයින්ට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට බාධාවක් නොවන ලෙස විරෝධය දක්වන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?