ගෝන මස් ජාවාරම්කරුවන් වනජීවියට කොටුවෙයි

මොරගොඩ – අලංකුම රක්ෂිතය තුළ කලාන්තරයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය දඩමස් ජාවාරමක් වටලා පුද්ගලයින් සිව්දෙනෙකු මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සැකකරුවන් සමග ගෝන මස් කිලෝග්‍රෑම් 18ක් ද සොයාගත් බවයි.

මෙම වැටලීම ඊයේ (28) දින සිදු කෙරුණා.

වටලෑම සිදුවන අවස්ථාවේ දී ද සැකකරුවන් එම රක්ෂිතයේ සිටි ගෝනෙකු මරා; මස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි පැවසෙන්නේ.

ගෝනුන් දඩයම් කිරීමට භාවිත කල දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නීතිවිරෝධී පතුරම් තුවක්කුවක්, පිහියක් හා විදුලි පන්දම් ඇතුළු උපකරණ රැසක් ද සොයා ගැනුණා.

මෙම දඩ මස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් ගලෙන්බිඳුණුවැව, ගැටලාව හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 20,23,37 හා 40 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් හා නඩු භාණ්ඩ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?