ගෝන මස් ජාවාරම්කරුවන් වනජීවියට කොටුවෙයි

මොරගොඩ – අලංකුම රක්ෂිතය තුළ කලාන්තරයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය දඩමස් ජාවාරමක් වටලා පුද්ගලයින් සිව්දෙනෙකු මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සැකකරුවන් සමග ගෝන මස් කිලෝග්‍රෑම් 18ක් ද සොයාගත් බවයි.

මෙම වැටලීම ඊයේ (28) දින සිදු කෙරුණා.

වටලෑම සිදුවන අවස්ථාවේ දී ද සැකකරුවන් එම රක්ෂිතයේ සිටි ගෝනෙකු මරා; මස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි පැවසෙන්නේ.

ගෝනුන් දඩයම් කිරීමට භාවිත කල දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නීතිවිරෝධී පතුරම් තුවක්කුවක්, පිහියක් හා විදුලි පන්දම් ඇතුළු උපකරණ රැසක් ද සොයා ගැනුණා.

මෙම දඩ මස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් ගලෙන්බිඳුණුවැව, ගැටලාව හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 20,23,37 හා 40 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් හා නඩු භාණ්ඩ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55