ගෝඨා ගෝ හෝම් අරගලයට අදට වසර 02යි!

මහජන උද්ඝෝෂණ මාලාවකින්, මෙරට විධායක ජනාධිපතිවරයකු ධුරයෙන් පහකළ ‘ගෝඨා ගෝ හෝම් අරගලය’ තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගත් දිනට, අදට (09) වසර 02ක් සම්පූර්ණ වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඉතිහාසයට අලුත් සහ නැවුම් හැරවුමක් එක්කළ එකී මහජන අරගලය සම්බන්ධයෙන් කෙටි විමසුමක් මේ.

2019 වසරේ අගභාගයේ ශ්‍රි ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ ඡන්ද හැටනව ලක්ෂයක ඉහළ ඡන්ද සංඛාවක් ලබා ගනිමින්.

ඉන්පසු පැවති මහ මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ ඉහළ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාර්ලිමේන්තු බලය ද තහවුරු කර ගත්තා.

පාලනය ආරම්භයේදීම රටේ විශාල රාජ්‍ය ආදායම් හිඟයක් පවතිද්දී මහා පරිමාණ සමාගම්වල රුපියල් බිලියන 800කට ආසන්න බදු ප්‍රමානයක් කපා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය, රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ගත් බරපතළ වැරදි තීරණයක් බවට චෝදනා එල්ල වුණා.

ඒ් සමගම 2020 වසරේ මුල භාගයේ ලෝකය පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය කළමනාකරණයේ දී ජනාධිපතිවරයා ඇතුළු රජය පළකළ අවිද්‍යාත්මක දැක්ම වසංගතය මෙරට පුරා පැතිරී මෙරට ආර්ථිකය බරපතළ අඩියකට ඇද වැටීමට හේතු වූ බවට ද චෝදනා එල්ල වුණා.

මේ සියලු අර්බුද හමුවේත් ආරක්ෂා වී තිබූ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම බිඳදමන තීරණයට එළඹෙමින් සියලු රසායනික පොහොර තහනම් කිරීමේ තීරණයක් ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවේ මේ අතරයි.

ඒ් සමගම රටේ ආර්ථිකය බිඳවැටී විදේශ සංචිත හිඟයකට මුහුණ පාද්දී ශ්‍රි ලංකාව අදියරෙන් අදියර ණය ශ්‍රේණි ගත කිරීම්වල පහළට වැටුණා.

මේ සමගම රජයට එරෙහිව නැගුණු මහජන විරෝධය, දැවැන්ත මහජන උද්ඝෝෂණ බවට පත්වී රටේ විවිධ පළාත්වලින් ඉස්මතු වුණා.

රටපුරා ගෑස්, ඛනිජ තෙල් සීමා වී, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වී ඒ් සියලු භාණ්ඩවල මිල රටේ බහුතර ජනයාට ඔරොත්තු නොදෙන මට්ටමට ඉහළ යද්දී දැවැන්ත මහජන උද්ඝෝෂණය ජනාධිපතිවරයා පලවාහරින අරගලයක් දක්වා වර්ධනය වුණා.

2022 අප්‍රේල් මස 09 වැනිදා ජනාධිපති ලේකම් කර්යාලය අසල කූඩාරම් ලා ගත් එම විරෝධය එතැන් සිට මහජනයා ආකර්ෂණය කරගනිමින් දැවැන්ත ලෙස වර්ධනය වී 2022 ජුලි මස 09 වැනිදා ජනාධිපති මන්දිරය වෙත කඩා වැදුණා.

අදින් වසර දෙකකට පෙර මෙරට සිදුවූ ඒ් ඓතිහාසික මහජන අරගලය සැමරීමට එම අරගලයට තීරණාත්මක නායකත්වයක් සැපයූ පුරවැසි කණ්ඩායම්වලින් නිර්මාණය වූ ජන අරගල සන්ධාන නියෝජිතයින් අදත් කටයුතු කර තිබුණා.

ඒ අරගල ජයග්‍රහණය සමරමින් දුම්රිය ගමනක් සංවිධානය කරමින්.

අද උදැසන 10.00ට ගාල්ලෙන් පිටත්වූ අරගලයේ දුම්රියට ජන අරගල සන්ධානයේ නායකයින් බොහෝ දෙනෙක් එක් වී සිටියා.

එම දුම්රිය අද දහවල් 1.30ට කොළඹට ළඟවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?