ගෝඨා අත්අඩංගුවට ගනීවි යැයි දුකෙන් පුද්ගලයෙකු දුම්රියට පැන දිවි නසා ගනී

කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා ඇසීමෙන් ශෝකයට පත් වීමෙනි.

පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මියගිය පුද්ගලයා එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසය. එසේම විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත. දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා ඇත්තේ සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවකි.

එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවයි.

පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවද දියණිය පවසා ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21