ගෝඨා අත්අඩංගුවට ගනීවි යැයි දුකෙන් පුද්ගලයෙකු දුම්රියට පැන දිවි නසා ගනී

කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා ඇසීමෙන් ශෝකයට පත් වීමෙනි.

පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මියගිය පුද්ගලයා එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසය. එසේම විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත. දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා ඇත්තේ සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවකි.

එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවයි.

පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවද දියණිය පවසා ඇත

  1. මේ වගේ දේවල් සිදුවෙන එක අනුමත කරන්න බැහැ. ඒ තත්ත්වයට කිසිදු පුද්ගලයකු පත්වීම ප්‍රඥාවන්ත නැත. නමුත් මේ වගේ සිදුවීම් වලින් ග්‍රම්‍ය වන දෙයනම් ගෝඨාභය රාජපක්ෂට මොනතරම් ආදරය කරන, ගරු කරන පිරිසක් මෙම රට තුළ ඉන්නවද කියන එකයි. මේ වගේ සිදුවිම් නොසලකා හැරිය යුතු නැත..

  2. ගොන් හරකෙක්…. දැන් ගෝටා ඇවිත් මිනියට කර ගහාවී… පවුලේ උවමනාඑපාකම් බලයි…
    යකෝ මෙච්චර ගොනෙක් උනේ මොකද..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18