ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට 13 වැනිදා තෙක් කල් ගත්තේ ඇයි..? ඔහු දැන් සැඟවී සිටින්නේ කොහේද..? – විශේෂ හෙළිදරව්වක් මෙන්න

ජනාධිපති ගෝඨාභය ඊයේ මෙරටින් පිටත්වූ බවට බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණා.
එයට හේතුවී තිබුණේ ආරක්ෂක රථ කිහිපයක් කටුනායක ගුවන්තොටුපල වෙත යන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමගයි.

කෙසේ වෙතත් ඒ රථ පෙළ ජනාධිපතිවරයාගේ නොවන බවත් විදේශ රටක සිට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාගේ බවයි අප වෙත වාර්තා වුණේ.

මෙයට අමතරව කොළඹ වරායේ නවතා තිබූ නාවික හමුදාවට අයත් ගජබාහු සහ සිදුරල නම් නෞකා දෙකට බඩු භාණ්ඩ කිහිපයක් හදිසියේ පටවන අයුරු දැක්වෙන වීඩියෝවක්ද හුවමාරු වුණා.

එලෙස පටවා තිබෙන්නේ රාජක්ෂවරුන්ට අයත් භාණ්ඩ බවයි සමීපතම ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ.

එම නෞකා දෙක ලංකාවේ මුහුදු සීමාවෙන් පිටතින් බොහෝ වේලාවක් නැංගුරම් ලා තිබූ බවත් අද උදෑසන වනවිට එම නෞකා දෙක ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත ගොස් ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

රට වටෙන්ම කොළඹට පැමිණි ජනතාව ඉල්ලා සිටියේ වහාම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේ වෙතත් ඊයේ සවස පක්ෂ නායකවරුන්ගේ රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට දැනුම්දී තිබුණේ ලබන 13 වැනිදා තමා සිය ධුරයෙන් ඉවත් වන බවයි.
ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට තවත් දින අවශ්‍ය වන්නේ ඇයිදැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඇත්තටම ගෝඨාභය රාජපක්ෂට ඉවත්වීමට දින 4 ක් අවශ්‍ය වන්නේ ඇයි..?

සමීපතම ආරංචි මාර්ග පවසන්නේ මෙරට ඇති දැඩි විරෝධය හමුවේ තවදුරටත් ඔහුට ලංකාවේ ජීවත්වීමට අවස්ථාවක් නොමැති නිසා තම ආරක්ෂාව සහිතවම විදේශ රටකට ගොස් එහි සිට ඉල්ලා අස්වීම නිවේදනය කරනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට යෑමට ද බියක් ඇති බවත් ඔහු ඇමරිකානු නීතියේ ගොදුරක් වනු ඇතැයි ඔහු සිතන බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් ඩුබායි රටෙහි රැකවරණය ලබා ඔහු යන බවත් එරට දේශපාලන බලධාරීන් එහි රැකවරණය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වනවා.

පසුගිය දිනක දැඩි කතාබහක් ඇති කළ රාජපක්ෂ පවුලේ ව්‍යාපාර කිහිපයක්ද ඇති බවට පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති කළා.

ඒ අතරින් බොහෝ දෙනෙකු පැවසුවේ ඩුබායි හි මැරියට් හෝටලයද ඔවුන්ට අයත් බවයි.
ගෝඨාභය රාජපක්ෂ ඩුබායි බලා යනු ලබන්නේ ගුවනින් නොව මුහුදෙන් බවත් පවසනවා.

මේ දිනවල එම මුහුදේ පවතින කාලගුණික තත්ත්වය අනුව ලංකාවේ සිට ඩුබායි දෙසට ගමන් ගන්නා නෞකාවකට මුහුදු රලෙන් සහ සුළඟින් ලැබෙන්නේ බාධාවක් නොව පිටුබලයකි.

නාවික භාෂාවෙන් කියන්නේ නම් ‘සපෝර්ට් කරන්ට්’ එකකි. ඒ අනුව ලංකාවේ සිට යූඒඊ වරායක් දක්වා යෑමට ගජබාහු නෞකාවට උපරිම දින 3 ක කාලයක් වනු ඇත.

ගෝඨාට එහි ස්ථාපිත වීමට තවත් දිනක කාලයක් අවශ්‍ය වනවා ඇත. ගෝටා ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට යම් කාලයක් ගන්නේ එම නිසා බවයි ආරංචි මාර්ග පවසන්නේ.
මන්ද යත් ඉල්ලා අස්වීමෙන් පසු රටින් පැන යෑමට තැත්කළ හොත් තමන් එක්වරම වරප්‍රසාද රහිත පුද්ගලයෙකු වන නිසා කරදරයක් වනු ඇතැයි ඔහු සිතනවා විය යුතු බවයි බොහෝ දෙනෙකු මත පලකරන්නේ.

කෙසේ වෙතත් මෙරට බොහෝ දෙනෙකුගේ චෝදනාව වන්නේ ජාතික ධනය මහා පරිමාණයෙන් රාජපක්ෂ පාලනය විනාශ කර ඇති බවයි.

රට මේ තත්ත්වයට පත්වීමට ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපය හේතුවූ බවයි මෙරට සියලුදෙනා පාහේ චෝදනා එල්ල කරන්නේ.

එසේනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවන්නේද..?

නීතීවේදීන් වහාම ක්‍රියාත්මක වී රටත්, ජනතාවත් පීඩාවට පත් කළ බලධාරීන්ට පැන යාමට නොදී නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම වහා සිදුකළ යුතු නොවන්නේද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
205
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13