ගෝඨාභයට ගොනු කෙරුණු සිතාසිය බල රහිත කිරීමේ තීන්දුවට එරෙහි පෙත්සමට දින දෙයි

මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම ජුලි මස 30 වැනි දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරුණා.

මෙම පෙත්සම අද (18) සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 30 වැනිදා කැඳවන ලෙසයි.

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුකරයට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අපහසු බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේ අභියාචනාදීකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කල අතරින් අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන්න ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29