ගොළු පුතාගේ පොරෝ පහරින් මව ජීවිතක්ෂයට

මැදවච්චිය, ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයය ලක් වූ කාන්තාවගේ මළ සිරුර ඊයේ (27) උදෑසන මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 81ක තැනැත්තියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම කාන්තාව කථන ආබාධයක් සහිත තම පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, පෙරේදා (26) රාත්‍රියේ පුත්‍රයා විසින් පොරවකින් ඇයගේ හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?