ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක්

චීන කාබනික පොහොර රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එම නෞකාව මගින් පොහොර මෙට්‍රික් ටොන් 8,000 ක් රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගියදා ලබාදුන් නියෝගයන්ට අනුව බේරුම්කරණ ක්‍රමවේදය යටතේ මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගම සඳහා ඊයේ (07) ගෙවනු ලැබුවා.

අදාළ චීන සමාගමෙන් පොහොර මෙට්‍රික්ටොන් 96,000 ක් මෙරටින් මිලදී ගැනීමට නියමිතව ඇති අතර අවස්ථා කිහිපයකදී එම තොග මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමෙන් සිදුකළ විමසීමකදී එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසුවේ මෙලෙස චීනයෙන් ආනයනය කරන පොහොර තොග මීළඟ කන්නය සඳහා භාවිතයට ගැනීමට නියමිත බවයි.

මේ අතර ඉන්දියාවෙන් දියර පොහොර ලීටර් ලක්ෂ 4 ක් මෙම මස අවසානයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් මිලියනයක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළා.

ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 3 ක් මේ වන විට බෙදාහැර අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?