ගෙවුණු මාස 06ට ඩෙංගු රෝගීන් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක්

ගත වූ ජුනි මාසය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 9,916ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ, අනුව 49,326ක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම වසරේ ගත වූ මාස 06ක කාලසීමාව තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය යත්තේ ඩෙංගු අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර ඩෙංගු මදුරු මර්ධන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යාවත්කාලීන කරන ලද ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය දියත් කිරීම ගෙවුණු සතියේ දී සිදු කෙරුණා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් මෙම ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

2011 වසරේදී වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල් 50 කින් මෙම ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, පසුව රෝහල් 155 ක් දක්වා එය වැඩිදියුණු කෙරුණා.

මෙතෙක් පැවැති මදුරු මර්දන ආවේක්ෂණ පද්ධතිය යථාවත් කරමින් මෙම නව ආවේක්ෂණ පද්ධතිය සකස් කර ඇති අතර, එමඟින් ආදාළ දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, මහජන සෞඛ්‍ය කොට්ඨාස, ග්‍රාම නිලධාරී කොට්ඨාස දක්වා ඇතුළත් කිරීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?