ගෙවුණු මාස 06ට ඩෙංගු රෝගීන් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක්

ගත වූ ජුනි මාසය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 9,916ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ, අනුව 49,326ක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම වසරේ ගත වූ මාස 06ක කාලසීමාව තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය යත්තේ ඩෙංගු අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර ඩෙංගු මදුරු මර්ධන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යාවත්කාලීන කරන ලද ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය දියත් කිරීම ගෙවුණු සතියේ දී සිදු කෙරුණා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් මෙම ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

2011 වසරේදී වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල් 50 කින් මෙම ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, පසුව රෝහල් 155 ක් දක්වා එය වැඩිදියුණු කෙරුණා.

මෙතෙක් පැවැති මදුරු මර්දන ආවේක්ෂණ පද්ධතිය යථාවත් කරමින් මෙම නව ආවේක්ෂණ පද්ධතිය සකස් කර ඇති අතර, එමඟින් ආදාළ දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, මහජන සෞඛ්‍ය කොට්ඨාස, ග්‍රාම නිලධාරී කොට්ඨාස දක්වා ඇතුළත් කිරීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08