AFC Banner
Empty Ad
Empty Ad

ගෙවුණු මාස 05ට අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක්

ගත වූ මාස 05ක කාල සීමාව තුළ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුකුල සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි 1830ක් ලැබී ඇති බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ අන්තර්ජාල අපරාධ සම්බන්ධ පැමිණිලි 7916ක් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ව්‍යාජ වෙබ් අඩවි යොදාගනිමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධ සිදුවීම්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඉංජිනේරුවරයා එවැනි සිදුවීම් 1093ක් වාර්තා වී ඇති බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?