ගෙවුණු පැය 24 තුළ මාරක අනතුරුවලින් තිදෙනකු මරුට

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල‍යින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මින් පළමු අනතුර වාර්තා වන්නේ නොච්චියාගම – 27 හන්දිය තඹුත්තේගම මාර්ගයේ කිලෝමීටර් 04 කණුව ආසන්න ප්‍රදේශයේ දියි.

තඹුත්තේගම දෙස සිට නොච්චියාගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක් හා පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 41 හැවිරිදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ නොච්චියාගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ හංවැල්ල – ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ජනසවි මාවතට හැරෙන හන්දිය අසල දී සිදු වූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ ලොරි රථයක් වම් පසට ඇති අතුරු මාර්ගයට හැරවීමට යාමේ දී පිටුපසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයට වම් පසින් ඉස්සර කිරීමට යාමේ දී ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මියගොස් ඇත්තේ වහරක – රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අඟලවත්ත – බදුරලිය මාර්ගයේ බෙල්ලන ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් 57 හැවිරිදි වියෙහි පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අඟලවත්ත දෙසට ධාවනය වෙමින් පැවති ධාවනය වු යතුරුපැදියක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදිකයෙකුගේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

යතුරුපැදිකරු ද අනතුරින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?