ගෙවුණු පැය 24 තුළ මාරක අනතුරුවලින් තිදෙනකු මරුට

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල‍යින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මින් පළමු අනතුර වාර්තා වන්නේ නොච්චියාගම – 27 හන්දිය තඹුත්තේගම මාර්ගයේ කිලෝමීටර් 04 කණුව ආසන්න ප්‍රදේශයේ දියි.

තඹුත්තේගම දෙස සිට නොච්චියාගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක් හා පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 41 හැවිරිදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ නොච්චියාගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ හංවැල්ල – ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ජනසවි මාවතට හැරෙන හන්දිය අසල දී සිදු වූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ ලොරි රථයක් වම් පසට ඇති අතුරු මාර්ගයට හැරවීමට යාමේ දී පිටුපසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයට වම් පසින් ඉස්සර කිරීමට යාමේ දී ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මියගොස් ඇත්තේ වහරක – රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අඟලවත්ත – බදුරලිය මාර්ගයේ බෙල්ලන ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් 57 හැවිරිදි වියෙහි පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අඟලවත්ත දෙසට ධාවනය වෙමින් පැවති ධාවනය වු යතුරුපැදියක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදිකයෙකුගේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

යතුරුපැදිකරු ද අනතුරින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51