ගෙවීමට තිබූ බිල්වලට බිලියන 360ක් ගෙවා අවසන් – මුදල් රාජ්‍ය ඇමති

නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 05ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිලපත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි.

2022 අගෝස්තු මස 31 වනදා වන විට රජය විසින් ගෙවා දැමීමට සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360ක් වන අතර, 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාක රුපියල් බිලියන 191ක්.

ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වනවා.

ඉන් බිලියන 53ක් ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහා ද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?