ගෙවීමට තිබූ බිල්වලට බිලියන 360ක් ගෙවා අවසන් – මුදල් රාජ්‍ය ඇමති

නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 05ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිලපත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි.

2022 අගෝස්තු මස 31 වනදා වන විට රජය විසින් ගෙවා දැමීමට සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360ක් වන අතර, 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාක රුපියල් බිලියන 191ක්.

ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වනවා.

ඉන් බිලියන 53ක් ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහා ද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16