ගෙවිඳු කුමාරතුංගෙන් මහා බැංකුවට එරෙහිව පෙත්සමක්

සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකත්වය දරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොලිය සියයට 29.27 ක් දක්වා ඉහළ නැංවීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාතය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පොලී අනුපාතය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් තමා විමසීමක් කළ බවයි.

ඊට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය අර්ධ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා සියයට 09 ක පොලී අනුපාතයක් ගෙවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සියයට 29.27 ක පොලියක් ගෙවන බවයි.

පසුව මෙම විශමතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිල්ල ඉදිරිපත් කරත් ඉන් සහනයක් අත්වී නොමැති බවද පෙත්සමේ සඳහන් වෙයි.

මේ තුළින් රටේ වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය අර්ථ සාධක අරමුදලෙ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ වාර්ෂික පොලී අනුපාතය සියයට 11 ක අගයක පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ සිටින සෑම සාමාජිකයෙකුට රුපියල් 10 ක් බැගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?