පයාගල අන්ගංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත්වී ඔහු නිවස ඉදිරිපිට අලිපේර ගසකට නැග මෙලෙස දිවි හානිකර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි දරුවන් තුන් දෙනෙකුගේ පියෙක්.
ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
පෙරදින නිවසේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිත් තැවුලෙන් සිට මෙලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













