ගෙල වැළලාගෙන පුද්ගලයෙකු මියයයි

පයාගල අන්ගංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත්වී ඔහු නිවස ඉදිරිපිට අලිපේර ගසකට නැග මෙලෙස දිවි හානිකර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි දරුවන් තුන් දෙනෙකුගේ පියෙක්.

ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

පෙරදින නිවසේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිත් තැවුලෙන් සිට මෙලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04