ගෙදර නිතර දබර ඇති වෙන්නේ ඇයි ?

මේ මිනිහත් එක්කනම් මට පවුල් කන්න බැහැ. මහ යක්‍ෂයෙක්. මේ ගෑනි මළ පෙරේතියෙක්…. මෙවැනි වදන් නොකියවුණු අඹු සැමියන් ඇත්නම් ඔවුන් ඉතා වාසනාවන්තය. නමුත් වර්තමානයේ එවැනි වාසනාවන්තයන් සිටින්නේ ඉතා සුළු පිරිසක්. බහුතරය ඉහත වදන් නිතර පවසන අඹු සැමියන්ය.

මෙලෙස අඹු සැමියන් අතර දැඩි වාග් ප‍්‍රහාරයක් සිදුවන්නට බලපාන හේතු මොනවාද?

මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුන් උපන් නැකතට අනුව හිමිව ඇති යෝගයයි. උපන් නැකතට අනුව, යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, චරණ සහ චෞර යන යෝග හිමි වේ. මෙවැනි යෝගයන්ට අනුව බලපාන ගති සිරිත් ඇත. එනිසා මෙවැනි යෝගවල උපන් අය විවාහ වූ විට ඔවුන් තුළ ඊට අදාළ ගති ලක්‍ෂණ මතු වේ.

යක්‍ෂ යෝගය

යක්‍ෂ යෝගයෙන් උපන් කාන්තාවක් සහ පිරිමියෙක් විවාහ වුවහොත් දෙදෙනා අතර නිතර සැර පරුෂ වදන්, වාග් ප‍්‍රහාර හටගනී. ගෙදර නිතර සටන් ඇති වේ. ගෙදර යක්‍ෂ විමානයක් වගේ යැයි පවසන්නේ එවැනි අයටය.

පේ‍්‍රත යෝගය

පේ‍්‍රත යෝගයෙන් උපන් අය අතර පිරිසිදු කමක් නැත. ඔවුන් අඳින පළඳින ඇඳුම්ද නිසි පිළිවෙළකට නැත. එම ඇඳුම්ද අපිරිසිදුය. උදෑසන අවදි වූ විට දහවල් වනතුරු රාත‍්‍රී ඇඳුම පිටින් මුහුණ කට සෝදන්නේ නැතිව දවස ගත කරන්නට පුරුදු වී සිටින අඹු සැමියන් ගැන අසන්නට ලැබෙන්නේ මෙම පේ‍්‍රත ගති ලක්‍ෂණ නිසාය.

කුම්භාණ්ඩ යෝගය

කුම්භාණ්ඩ යෝගයෙන් උපන් අය නිතරම උත්සහා ගන්නේ තමා සතු ධනය, පරිහරණය කරන්නට නොව ඒවා පොදිගසා සඟවා තබා ගන්නටය. මුදල් තිබුණත් විය පැහැදම් නොකර පොදි බැඳගෙන සිටිති.ලෝභ කිරීම නිසාම ඇතැම් විට නිවසේ සතුට බොහෝ තැන් වල මඟ හැරෙන අවස්ථාද මෙවන් අයට තිබේ.

චරණ යෝගය

චරණ යෝගයේ උපන් අය නිතර අසල්වැසි නිවෙස්හි ඇවිදිමින් අන් අයගේ ඕපාදුප හොයමින් දවස ගෙවන්නට රුචිකත්වයක් දක්වති.ඔවුන් වේලාව අවේලාව නැතිව ගෙන් ගෙට යමින් හිස් වචන කේලාම් කියමින් දවස ගත කරයි.ඔවුන් නිසා ඔවුන්ගේ පවුල් මෙන්ම අන් පවුල්ද බිදී යන අවස්ථා නැතිවා ම නොවෙයි

චෞර යෝගය

චෞර යෝගයේ උපන් අය අන් අයගේ දේපොළ සොරකම් කිරීමට දැඩි රුචිකත්වයක් දක්වති. සොරකම් කිරීම ජන්ම ගතියක් බවට පත්ව ඇතැයි පවසන්නේ මෙවැනි අයටය.සොරකම පවුල තුල මෙන්ම පවුලෙන් පිටත් සිදු කරයි

එකම යෝගයෙන් උපන් දෙදෙනෙක් විවාහ වුවහොත් ඔවුන් අතර පවතින එකම ගති ලක්‍ෂණ නිසා යුග දිවිය අසාර්ථක වේ. නිතර මත ගැටුම් ඇති වේ. විවාහ දිවිය තුළ සතුටට වඩා වද වේදනා බහුල වේ.

 උදාහරණයක් ලෙස චෞර යෝගයෙන් උපන් අඹු සැමි යුවළක් ගනිමු. ඔවුන් දෙදෙනා තුළ නිතරම දැකිය හැක්කේ සොරකමය. ඔවුන් අන් අයගේ මුදල් හදල් දේපළ සොරකම් කිරීමට පමණක් නොව එකිනෙකාගේ මුදල් හදල් දේපළ පවා සොරකම් කිරීමට යොමු වේ. බිරිඳ සැමියාගේ මුදල් සොරකම් කළා. සැමියා බිරිඳගේ මුදල්, රන් ආභරණ සොරකම් කළා ලෙසින් පවසන්නේ මෙම යෝගවල උපන් අයගේ ගතිගුණ අනුවය.

 බිරිඳ හරිම අපිරිසිදුයි. එයාට කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියා ඇතැම් ස්වාමිපුරුෂයන් පවසන්නේ තම බිරිඳගේ පේ‍්‍රත යෝගය ගැන නොදැනය.

 අපේ මහත්තයාට ඉවසීම නැහැ. නිතර මාත් එක්ක රණ්ඩුවෙන්නමයි උත්සාහ ගන්නේ. පොඩි දේටත් කෑගහනවා යැයි පවසන්නේ යක්‍ෂ යෝගයෙන් උපන් පුද්ගලයන් ගැනය.

 මෙම තත්ත්වයන් යම් තරමකට පාලනය කළ හැක්කේ මනුස්ස, දේව, බ‍්‍රහ්ම යෝගවලින් උපන් අයෙක් සම`ග විවාහ වුවහොත්ය. අවාසනාවකට මෙම යෝගවලින් උපන් අය සිටින්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. මෙවැනි යෝගවලින් උපන් අය බොහෝ විට විවාහ නොවේ. ආගම දහමට නැඹුරුව හුදෙකලා දිවියක් ගත කිරීමට උත්සාහ කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07
Video thumbnail
ටින් අංකය නැත්තම් වාහන ලියාපදිංචි කරන්නේ නෑ..ටින් අංකය අනිවාර්යය කරයි
03:09
Video thumbnail
මිද්දෙනියේ කාටත් හොරා පෙරූ කසිප්පු තොගයක් එක්ක පුද්ගලයෙක් කොටුවෙයි
02:04


?