ගුවනින් ආ කුෂ් ගුවන්තොට රේගුවේ අත්අඩංගුවට (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම “කුෂ්” ගංජා වැටලීම සිදු කරමින් රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අද (26) උදෑසන සමත් වී තිබෙනවා.

මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක සේවා නිලධාරීවරයෙක්.

ඔහු අද උදෑසන දින තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් මොහු නවතා, මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, කිලෝ ග්‍රෑම් 43යි ග්‍රෑම් 648ක් බරැති මෙම “කුෂ්” ගංජා තොගය සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සමත් වුණා.

මෙම විශාලතම “කුෂ්” ගංජා තොගය වැටලීම නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ සිට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙසේ අත්අඩංගුවට ගත් මෙම ”කුෂ්” ගංජා තොගය සහ ඒවා මෙරටට රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Image 2024 09 26 at 13.54.46 2 2
WhatsApp Image 2024 09 26 at 13.54.44 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?