ගුවනින් ආ කුෂ් ගුවන්තොට රේගුවේ අත්අඩංගුවට (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම “කුෂ්” ගංජා වැටලීම සිදු කරමින් රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අද (26) උදෑසන සමත් වී තිබෙනවා.

මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක සේවා නිලධාරීවරයෙක්.

ඔහු අද උදෑසන දින තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් මොහු නවතා, මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, කිලෝ ග්‍රෑම් 43යි ග්‍රෑම් 648ක් බරැති මෙම “කුෂ්” ගංජා තොගය සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සමත් වුණා.

මෙම විශාලතම “කුෂ්” ගංජා තොගය වැටලීම නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ සිට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙසේ අත්අඩංගුවට ගත් මෙම ”කුෂ්” ගංජා තොගය සහ ඒවා මෙරටට රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Image 2024 09 26 at 13.54.46 2 2
WhatsApp Image 2024 09 26 at 13.54.44 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57