ගුවන් යානය තුළ දී මගියෙකුගේ ඇඟට මුත්‍රා කළ ඉන්දීය සිසුවාට ගුවන් ගමන් තහනමක්

පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ දී ගුවන් මගියෙකුගේ ශරීරයට මුත්‍රා කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූ ඉන්දීය ජාතිකයාට ඇමරිකානු ගුවන් සේවය විසින් ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු ගුවන් සේවය නිවේදනය කරන්නේ මෙම මගියාට තම ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ගමන් කිරීම තහනම් කරන බවයි.

නිව්යෝර්ක් සිට නවදිල්ලිය දක්වා ගමන් ගත් ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයකට අයත් ගුවන් යානයක බීමතින් සිටි ඉන්දීය ශිෂ්‍යයෙකු තවත් ගුවන් මගියෙකුගේ ඇඟට මුත්‍රා කළ පුවතක් විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

මෙලෙස මුත්‍රා කළ පුද්ගලයා ඇමෙරිකාවේ සරසවියක ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවකු බවත් එම අවස්ථාවේ ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණා.

නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ලඟා වූ පසු එම සිසුවා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

මෙම මගියාට එරෙහිව ගුවන් තොටුපල පොලිසිය නීතිමය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47