UPDATE:ගුවන් අනතුරින් මියගිය ගණන අවම වශයෙන් 120 ඉක්මවිය හැකියි – මෝදිගෙන් සංවේගී සටහනකුත්

ගුජරාට් හි අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයට කඩා වැටුණු යානාවේ සිටි මගීන් 120 දෙනෙකු පමණ අවම වශයෙන් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය සිදු කරන සජීවී යාවත්කාලීන කිරීම් හි දැක්වෙන්නේ මගීන් 242 දෙදෙනකු රැගෙන ලන්ඩනය බලා පියාසැරිය ඇරඹූ මෙම ගුවන් යානයේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති බවයි.

ගුජරාටයේ සර්දාර් වල්ලභභායි පටෙල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මිනිත්තු පහකට පසු මෙම ගුවන් යානය කඩා වැටීමට ලක් වුණා.

ගුවන් යානය කඩා වැටීමත් සමග විශාල ගිනිජාලාවක් සමගින් එම ප්‍රදේශයේම ඝන කළු දුමාරයක් නිකුත් වෙමින් තිබෙන බව ද වාර්තා වනවා.

මෙම ඛේදනීය ගුවන් අනතුර ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විශේෂ X පණිවිඩයක් නිකුත් කරමින් සිය සංවේගය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ, සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු තත්ත්වය තක්සේරු කිරීම සඳහා අහමදාබාද් වෙත යැවීමට කටයුතු කර ඇති බවයි.

මෙම ගුවන් අනතුර ගැන ඇසූ විගස තමන් දැඩි සේ කම්පාවට පත් වූ බව ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙසේයි;

අහමදාබාද්හි ඛේදවාචකය අපව මවිතයට පත් කර ශෝකයට පත් කර ඇත. එය වචනවලින් කිව නොහැකි තරම් හද කම්පා කරවන සුළුය. මෙම දුක්ඛිත පැයේ දී, මගේ සිතුවිලි එයින් පීඩාවට පත් වූ සියලු දෙනා සමඟ ය. විපතට පත් වූවන්ට උපකාර කිරීමට කටයුතු කරන අමාත්‍යවරුන් සහ බලධාරීන් සමඟ අඛණ්ඩව මම සම්බන්ධ වී සිටිමි,” යනුවෙනි.

මූලාශ්‍ර – www.hindustantimes.com/ NDTV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
30
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?