ගුවන්තොටුපොළේ සංවාදය පරණ එකක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ රාජකාරියේ නිරත නිලධාරිනියක් සහ විදේශ ගතවීමට ගුවන්තොටුපොළට පැමිණි තරුණියක් අතර සිදුවන සංවාදයක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේ එම සිදුවීම 2023 වසරේ දී සිදුවූවක් බවයි.

“2023 සංචාරක වීසා මත පිටත් කරපු කණ්ඩායම් විවිධ ජාවාරම් ක්‍රියාවන් සඳහා මියන්මාර් රාජ්‍යයට තාලයන්තය හරහා ගොස් අතරමං වෙච්ච කාලවකවානුවක අපේ ගුවන්තොටුපළ ඒකකයෙක් විශේෂ පරීක්ෂණයක් කරා ලංකාවෙන් කාන්තාවන් විදේශගත වීම නීත්‍යානුකූලව ලංකාවේ ක්‍රමවේදයට ක්‍රියාත්මක වෙනවද කියලා ඒ කාලයේදී අපේ නිලධාරිනියක් විදේශ රටකට යන්න ආපු කාන්තාවක් සමඟ සාකච්ඡාවක වීඩියෝ පටයක් තමයි නිකුත් වෙලා තියෙන්නේ ඒකෙන් හැඟී යනවා මේ රජය ආපු අලුතම මේ සිදුවීම වුණා කියලා. එය 2023 වෙච්ච සිදුවීමක්”

මේ අතර මෙම සිදුවීම පිළිබඳව අද (28) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් ද විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?