ගුවන්තොටුපොළේ සංවාදය පරණ එකක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ රාජකාරියේ නිරත නිලධාරිනියක් සහ විදේශ ගතවීමට ගුවන්තොටුපොළට පැමිණි තරුණියක් අතර සිදුවන සංවාදයක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේ එම සිදුවීම 2023 වසරේ දී සිදුවූවක් බවයි.

“2023 සංචාරක වීසා මත පිටත් කරපු කණ්ඩායම් විවිධ ජාවාරම් ක්‍රියාවන් සඳහා මියන්මාර් රාජ්‍යයට තාලයන්තය හරහා ගොස් අතරමං වෙච්ච කාලවකවානුවක අපේ ගුවන්තොටුපළ ඒකකයෙක් විශේෂ පරීක්ෂණයක් කරා ලංකාවෙන් කාන්තාවන් විදේශගත වීම නීත්‍යානුකූලව ලංකාවේ ක්‍රමවේදයට ක්‍රියාත්මක වෙනවද කියලා ඒ කාලයේදී අපේ නිලධාරිනියක් විදේශ රටකට යන්න ආපු කාන්තාවක් සමඟ සාකච්ඡාවක වීඩියෝ පටයක් තමයි නිකුත් වෙලා තියෙන්නේ ඒකෙන් හැඟී යනවා මේ රජය ආපු අලුතම මේ සිදුවීම වුණා කියලා. එය 2023 වෙච්ච සිදුවීමක්”

මේ අතර මෙම සිදුවීම පිළිබඳව අද (28) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් ද විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57