හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාරපේරිය කණිටු විදුහලේ ගුරුවරුන්, දෛනිකව පාසල ආරම්භ කරන නියමිත වෙලාවට නොපැමිණීම නිසා ඇති වූ තත්ත්වයක් මත එම විදුහල අධ්‍යාපන කටයුතු බිඳ වැටී ඇති බව වාර්තාවනවා.
තාරපේරිය කණිටු විදුහලේ පාසල් සිසුන් 50 දෙනෙක් අධ්‍යාපනය ලබන අතර එම පාසලේ ගුරුවරුන් 14 දෙනෙක් සේවය කරනවා.
මේ අතර එම පාසලේ ගුරුවරුන් දෛනිකව පාසලට ප්‍රමාද වී පැමිණෙන බවට චෝදනා කරමින් සිසුන්ගේ දෙමවුපියන් සහ ගම්වාසීන් කිහිපදෙනෙක් එක්ව පෙරේදා (11) දිනයේ දී පාසලේ ගේට්ටුව වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරුන් විසින් ඕකවෙල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඊයේ (12) දිනයේ දී ලෙඩ නිවාඩු වාර්තා කර පාසලට පපැමිණ තිබුණේ නැහැ.
එමෙන්ම ගුරුවරුන් අද (13) දිනයේ දී ද පාසලට නොපැමිණීම නිසා පාසලට වෙත පැමිණි දරුවන් යළි නිවෙස් වෙත රැගෙන යාමට දෙමවුපියන් කටයුතු කර තිබෙනවා.













