ගුරු උපදේශක සේවයේ ගැටලුව තවමත් විසඳී නැහැ – විපක්ෂ නායක

ගුරු උපදේශකවරුන් 1982ක පුරප්පාඩු ඇති බවට තමා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වූ නමුත් තවමත් එය ක්‍රියාවට නංවා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේ දී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවට මීට පෙර කළ අනාවරණය අනුව බොහෝ ගුරු උපදේශකවරුන් අදාළ සේවය බාර ගැනීම සිදු නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ගුරු උපදේශක සේවයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළ ද තවමත් ඊට විසදුම් ලබා නොදී සිටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී විමසා සිටි අතර ඔහු කියා සිටියේ මෙම ගැටලු විසදීමට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දෙන ලෙසටයි.

ගුරු උපදේශකවරයා ගුරුවරුන්ට වඩා ඉහළ තලයක සිටින්නේ නම් ඔවුන්ගේ වැටුප් සහ වර්ධක වැඩි විය යුතු බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

එම වැටුප් අතර කිසිදු විෂමතාවක් ඇති නොවිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආයතනික වශයෙන් ගුරු උපදේශකවරුන් සමඟ ගැටලුවක් තිබීම හේතුවෙන් මෙම ප්‍රශ්න විසඳීම පමා වන බවට සැකයක් ඇති බවයි.

එවැනි ගැටුම් ඇති කර නොගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15