AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරිය අනතුරට ලක් කළ මෝටර් රථයේ පිරිසට ගම්වැසියන් ගෙන් සංග්‍රහයක් : ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවෙකුත් ඒ අතර

ප‍්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළුවකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටි සිව්දෙනකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ඊයේ (04) පස්වරුවේ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි ගුරුවරියක බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය පවසනවා.

කළුතර උතුර, දෙදියවල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි ගුරුවරියක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේ.

ප‍්‍රසිද්ධ නළුවා තවත් මිතුරන් තිදෙනෙකු සමග සාදයකට සහභාගි වී මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක පිටුපස ගැටී එහි සිටි ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගත වී තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් එක්ව මහා මාර්ගයේ ඇදවැටී විලාප නගමින් සිටි ගුරුවරිය ත‍්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇත. ඇය ඊයේම ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබුණා.

මෝටර් රියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි පොලිසිය කියා සිටියේ.

බීමත්ව සිටි පිරිස සමග ප‍්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව පසුව එය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ සඳහන් කර සිටියේ.

ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කළ ප‍්‍රවීණ රංගන ශිල්පියා දැඩි ප‍්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
106
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?