AFC Banner
AFC Banner
Empty Ad

ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා මාලය කැඩූ සැකකරු අල්ලයි

පස්සර කොටමුදුන ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි මාලයක් කඩා ගත් බව කියන පුද්ගලයෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරුකඩුව පොලිසිය පවසනවා.

මෙම අපරාධය සිදු කළ සැකකරු 23 හැවිරිදි අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

සැකකාර තැනැත්තා බුත්තල – පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් සඳහන්.

මෙම ගුරුවරිය පාසල නිම වී නිවසට යමින් සිටියදීයි සැකකරු එම මාර්ගයේ රැක සිට ඇයගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කඩාගෙන කැලෑවට දිවගොස් ඇත්තේ.

පසුව ගම්වාසීන් හා පොලිසිය එක්ව රැක සිට ඔහු නැවත මාර්ගයට පැමිණෙන අවස්ථාවේ දී අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම ගුරුවරිය පොලිස් ස්ථානය වෙත පැමිණ පවසා ඇත්තේ; තමා ගෙල බැඳ සිටි මාලය රන් මාලයක් නොවන අතර මාලය කඩාගෙන දිව යන අවස්ථාවේ දි කෑ ගසා එය ඉමිටේෂන් මාලයක් බව සැකකරු හට පැවසූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?