ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා මාලය කැඩූ සැකකරු අල්ලයි

පස්සර කොටමුදුන ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි මාලයක් කඩා ගත් බව කියන පුද්ගලයෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරුකඩුව පොලිසිය පවසනවා.

මෙම අපරාධය සිදු කළ සැකකරු 23 හැවිරිදි අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

සැකකාර තැනැත්තා බුත්තල – පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් සඳහන්.

මෙම ගුරුවරිය පාසල නිම වී නිවසට යමින් සිටියදීයි සැකකරු එම මාර්ගයේ රැක සිට ඇයගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කඩාගෙන කැලෑවට දිවගොස් ඇත්තේ.

පසුව ගම්වාසීන් හා පොලිසිය එක්ව රැක සිට ඔහු නැවත මාර්ගයට පැමිණෙන අවස්ථාවේ දී අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම ගුරුවරිය පොලිස් ස්ථානය වෙත පැමිණ පවසා ඇත්තේ; තමා ගෙල බැඳ සිටි මාලය රන් මාලයක් නොවන අතර මාලය කඩාගෙන දිව යන අවස්ථාවේ දි කෑ ගසා එය ඉමිටේෂන් මාලයක් බව සැකකරු හට පැවසූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46