ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට සිනොපෙක් සූදානම්

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක්වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාළ කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

එහිදී මැයි මස මැද භාගය වන විට ගිවිසුම්ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන් ද සහභාගී වුණා.

මේ අතර RM Parks-Shell සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් ඊයේ අමාත්‍ය කාංචන විජේසේකර විසින් පවත්වා තිබෙනවා.

එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ වී තිබෙනවා.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කළ සංචාරයේදී නිරීක්ෂණය කළ නැව් ගොඩ බෑමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහාය පළ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54