spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට සිනොපෙක් සූදානම්

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක්වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාළ කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

එහිදී මැයි මස මැද භාගය වන විට ගිවිසුම්ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන් ද සහභාගී වුණා.

මේ අතර RM Parks-Shell සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් ඊයේ අමාත්‍ය කාංචන විජේසේකර විසින් පවත්වා තිබෙනවා.

එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ වී තිබෙනවා.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කළ සංචාරයේදී නිරීක්ෂණය කළ නැව් ගොඩ බෑමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහාය පළ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?