ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී එක් වෙමින්.

ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්හි නව පුනරුදයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එහිදී ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව යළි තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවද සඳහන් කළා.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟන අතරම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති සහ අනෙකුත් දුෂ්කරතාවලින් පෙළෙන තෝරාගත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රජයෙන් දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කවටයාමුණ රජමහා විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්‍ය උඩුමුල්ලේ සුමන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නයද, මෙහෙණින් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල, දිනේෂ් හේමන්ත, දීප්ති වාසලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මාතලේ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03