ගිය අවුරුද්දේ ලක්ෂ 83කට වැඩි පිරිසක් පොලිසියෙන් චෙක් කරලා

2025 වසර තුළ දිවයින පුරා පුද්ගලයින් ලක්ෂ 83කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිසිය පවසනවා.

එම පරීක්ෂා කිරීම්වල දී විවිධ වූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 6,836 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

එමෙන්ම 2025 වසරේ දී, දින වරෙන්තුකරුවන් 75,721 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා එම වසර තුළ විවෘත වරෙන්තුකරුවන් 49,667 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසුවේ.

මේ අතර 2026 වසරේ දී ද මෙවැනි ආකාරයේ සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?