ඉංගිරිය අරකාවිල සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක සාලයේ පුටු සැටිය අභ්‍යන්තරයේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ 24 සහ මැගසින් දෙකක් සමග හිටපු යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්
සැකකරු සඟවා තැබූ ගිනි අවිය වෙඩි තබන අවස්ථාවලදී පහසුවෙන් හැසිරවිය හැකි පරිදි නවීකරණය කර තිබූ බවද පොලිසිය පවසනවා..
එය ආරක්ෂක හමුදාවට අයත් ගිනි අවියක් බවට සැකකරන පොලිසිය ගිනිඅවියේ අංක කිසියම් උපකරණයක් භාවිතා කරමින් මකාදමා තිබූ බවත් නිරීක්ෂණය වී තිබෙනවා.
එහි අනන්‍යතාවය තහවුරු කරගැනීමට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා.
හොරණ , කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු , හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවූ බෝපේ නිශාන්ත නමැත්තාගේ සමීප අයෙක් බවට හදුනාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.