ගිනි අවියක් නිසා ගුවන් යානයක් ප්‍රමාද වෙයි

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ (06) දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා (Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වී තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයෙකු ගුවන් යානයේ, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබෙනවා.

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට, සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර, එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම්, එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුයි.

ඉන්දීය ගුවන් සේවයේ AI- 272 දරන ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා, ඉන්දියාවේ විශේෂ කාර්යය බළකායේ නිලධාරීවරයෙකු වන අතර, ඔහු සිය ගිනි අවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එලෙස පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී, මෙම ඉන්දීය ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියෙකුට දැක ගැනීමට ලැබී ඇති අතර, ඔහු වහාම ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරියා කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළ දී අත් අඩංගුවට පත් වුවහොත්, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වනවා.

මෙවැනි සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර, ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

පසුව දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත් වීමෙන් ගැටලුව දුර දිග නොයවා විසඳා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට තිබු ගුවන් යානය පස්වරු 05.35 ට කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගොස් තිබුණා.

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව මේ වනවිට මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස් වීම් අත්හිටුවා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
4
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47