කටාන පොලිස් වසමේ දෙමංහන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනිඅවි හතරක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මීගමුව කොට්ඨාස අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (17) දහවල් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටක්ස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනිඅවි සෑදිමට භාවිත කළ හැකි ආකෘතියක් සහ ගිනිඅවි සෑදීමට යොදාගන්න උපකරණ සොයාගෙන තිබෙනවා.
අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කටියල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1 සජ සහ 58 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.















