AFC Banner
AFC Banner
Empty Ad

ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය රටක සහ මෙරට නිපදවන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (23) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බවයි දසත වාර්තාකරු පැවසුවේ.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටින පුද්ගලයෙකු පිළිබඳ ව තොරතුරක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබී තිබෙනවා.

ඒ අනුව සිදු කරන ලද වැටලීමක දී සැකකරු පදිංචි නිවසේ තිබී ගිනිඅවි දෙක පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සොයා ගෙන ඇති එක් ගිනි අවියක් විදේශ රටක නිෂ්පාදනය කරන ලද එකක් වන නමුත් එය ළඟ තබා ගැනීම සඳහා සැකකරුට බලපත්‍රයක් තිබී නැහැ.

සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද අනෙක් ගිනි අවිය මෙරට නිපදවන ලද එකක් බව වැටලීම කළ නිලධාරීන් පවසනවා.

මෙම ගිනි අවි දෙක සැකකරු කුමන හේතුවක් සඳහා ළඟ තබාගෙන සිටියා ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ.

පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?