ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය රටක සහ මෙරට නිපදවන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (23) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බවයි දසත වාර්තාකරු පැවසුවේ.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටින පුද්ගලයෙකු පිළිබඳ ව තොරතුරක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබී තිබෙනවා.

ඒ අනුව සිදු කරන ලද වැටලීමක දී සැකකරු පදිංචි නිවසේ තිබී ගිනිඅවි දෙක පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සොයා ගෙන ඇති එක් ගිනි අවියක් විදේශ රටක නිෂ්පාදනය කරන ලද එකක් වන නමුත් එය ළඟ තබා ගැනීම සඳහා සැකකරුට බලපත්‍රයක් තිබී නැහැ.

සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද අනෙක් ගිනි අවිය මෙරට නිපදවන ලද එකක් බව වැටලීම කළ නිලධාරීන් පවසනවා.

මෙම ගිනි අවි දෙක සැකකරු කුමන හේතුවක් සඳහා ළඟ තබාගෙන සිටියා ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ.

පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39