AFC Banner
Empty Ad
Empty Ad

ගිනිඅවි රැගෙන පාසල් දෙසුමට ආ මනෝ උපදේශකයා

පසුගිය 01 වැනිදා බදුල්ල අධ්‍යාපන කලාපයේ හාලිඇළ කොට්ඨාසයේ හාලිඇළ – බණ්ඩාරවෙල මාර්ගයට ආසන්නව පිහිටි දෙමළ මහා විද්‍යාලයේ මනෝ විද්‍යා දේශනයක් සංවිධානය කර තිබිණි. එහෙත් එම දේශනයට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ හාලිඇල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතින් කිසිදු අවසරයක් ගෙන නොතිබිණි.

පාසල් සිසුන් 810ක පමණ සංඛ්‍යාවක් අධ්‍යාපන හදාරන එම විදුහලේ එදින මනෝ විද්‍යා දේශනය පැවැත්වීමට කටයුතු කර තිබුණේ කඩවත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව සඳහන් වන ‘ජොන්සන් සැමුවෙල් ෆවුන්ඩේෂන් ’ නමැති රාජ්‍ය නොවන සංවිධානයෙහි ප්‍රධානියා ලෙස පෙනී සිටින හලාවත කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැමුවෙල් ජොන්සන් නමැත්තෙකි.

ඔහු පසුගිය 01 වැනිදා පෙරවරුවේ WP PJ 3422 අංකය දරන මිනි වෑන් රථයේ පැමිණියේ තවත් තිදෙනෙක්ද සමඟිනි. එම වෑන් රථයේ ඉදිරිපස වීදුරුවේ ‘ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ සභාව-බස්නාහිර පළාත් සංවිධායක’යන්න හා counselling Psychologist (මනෝවිද්‍යා උපදේශක) යනුවෙන් සඳහන් ලේබල් දෙකක්ද ප්‍රදර්ශනය කෙරිණි.

දේශකයා සමඟ රථයේ පැමිණි තිදෙනා වූයේ රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර පාරේ පදිංචි එම්.පී. ඩිලාන් මධුෂිංක පීරිස්, මීගමුව පෙරියමුල්ල අබේසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහොමඩ් රම්සාන් සහ මොහොමඩ් සප්රාස් නමැත්තායි. සම්පූර්ණයෙන් කළු ඇඳුමින් සැරැසුණු එම තිදෙනාගේ අත්වල ගමන් කථන හෙවත් වෝකි ටෝකි යන්ත්‍රද විය.

ඒ අතරේ එක් අයකු අත ගිනිඅවියක්ද දක්නට ලැබිණි.

එලෙස ගිනිඅවි වෝකි ටෝකි යන්ත්‍ර අතැතිව අමුතුම තාලයට පාසල් දේශනයකට පැමිණි පුද්ගලයන් පිළිබඳව බුද්ධි තොරතුරක් ලැබී තිබුණේ හාලිඇළ පොලිසියේ බුද්ධි අංශයටයි. එම තොරතුර පිළිබඳව හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක දැනුවත් කිරීමත් සමඟ ස්ථානාධිපතිවරයා විසින් වහා එම ස්ථානයට පොලිස් නිලධාරි කණ්ඩායමක් යොමු කෙරුණේ ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මතයි. පාසල් ළමුන් උදෙසා වූ මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා ගමන් කථන යන්ත්‍ර රැගත් ආරක්ෂකයින් තිදෙනෙකුද සමඟ පැමිණීම සම්බන්ධයෙන් වූ සැකය මත එම සිවුදෙනා සමඟ අඩි හතරක් පමණ දිගැති ගිනිඅවිය, මැලේසියාවේ නිෂ්පාදිත කෙන්වුඩ් වර්ගයේ වෝකි ටෝකි යන්ත්‍ර සහ පැමිණි වෑන් රථයද පොලිස් අත්අඩංගුවට ගැනුණේය.

ඊට අමතරව එම කළු ඇඳුමින් සැරැසි සිටි තිදෙනා සන්තකයේ තිබී වායු රයිෆලයට යොදන තඹ උණ්ඩ 71 ක් හා ඊයම් උණ්ඩ 129 ක් වශයෙන් උණ්ඩ 200 ක් ඇතුළත් කාඩ්පතක් පොලිස් බාරයට ගැනිණි.

අත් අඩංගුවට පත්ව මනෝ විද්‍යා දේශනය පැවැත්වීමට පැමිණි දේශකයා වන සැමුවෙල් ජොන්සන් නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නට වූයේ තමා ‘ජොන්සන් සැමුවෙල් ෆවුන්ඩේෂන් ’ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන බවත් එමඟින් පාසල් ළමුන් උදෙසා මෙවැනි දේශන පැවැත්වීම, නැතිබැරි අයට බඩු මලු ලබාදීම මෙන්ම දුප්පත් දරුවන්ට මුදලින් උපකාර කිරීම ආදිය සිදුකරන බවයි. එසේම මෙසේ දේශන සිදුකිරීම සඳහා පාසලෙන් කිසිදු මුදලක් අය නොකරන බවද ඔහු පොලීසිය හමුවේ පවසා ඇත. ගමන් කථන හා වායු රයිෆලයක් සහිත ආරක්ෂකයින් සම්බන්ධයෙන් ඔහු පවසා තිබුණේ තමන්ගේ ‘තත්ත්වය’ රැකගැනීම පිණිස පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය ලබාගන්නා බවයි.

මීට පෙරද සැකකාර සැමුවෙල් ඇටම්පිටිය හා දෙමෝදර ප්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල් දෙකක මනෝ විද්‍යා වැඩමුළු පවත්වා තිබිණි. එසේම ඉදිරියේදී තවත් එවැනි වැඩමුළු 10 ක් පමණ හාලිඇළ ප්‍රදේශයේ පාසල්හි පැවැත්වීමටත් ඔහු සැලැසුම්කර තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ හෝ ඔහුට නොමිලේ පවත්වන මෙවැනි දේශන සඳහා බරපැන දරන්නෙ කවුරුන්ද යන්න හෙළි නොකිරීම සැමටම ප්‍ර හේලිකාවකි.

මෙම සිදුවීමට අදාළ හාලිඇළ දෙමළ මහ විදුහල තුළ මෙවන් දේශනයක් ඇතුළත් වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු අයෙකු විසින් ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ හාලිඇල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විණි. මේ පිළිබඳව අප කළ විමසීමකදී බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ පැවැසූවේ මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඊට අදාළව කිසිවක් ප්‍රකාශ කිරීම අපහසු බවයි.

හාලිඇළ දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති බදුල්ල, පහළ ගල්කන්ද පදිංචි කදිරවේල් චන්ද්‍රබෝස්ය. අධ්‍යාපන ඉහළ බලධාරින්ගේ කිසිදු අවසරයකින් තොරව සැමුවෙල් ජොන්සන් නමැත්තාට පාසල් සිසුන් සඳහා එවැනි දේශනයක් පැවැත්වීමට ඉඩහසර විවර කර දීම පිළිබඳව හාලිඇළ පොලිස් නිලධාරිහු පාසලේ විදුහල්පතිවරයාගෙන්ද ප්‍රශ්න කළහ.

විදුහල්පතිවරයා පොලිස් නිලධාරින් හමුවේ කියන්නට වූයේ, ජොන්සන් නමැත්තෙක් පාසල් දරුවන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමට එන බව දැන්වූ බවට පාසලේ ගුරුවරයෙක් දින කීපයකට පෙර තමන්ට දැන්වූ බවයි. ළමුන් සඳහා දේශනයක් සිදුකිරීම හොඳ දෙයක් බැවින් තමන්ද ඊට කැමැතිවූ බව විදුහල්පතිවරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසීය. එහෙත් එම පිරිස කිසිදා ගිනිඅවි හෝ ගමන් කථන රැගෙන පැමිණේයැයි තමන් නොසිතූ බවද ඔහු කීය. සැකකරුවෝ පසුගිය 2 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළහ.

එදින පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු පස්සර සංචාරක මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස නියෝග කළේ සැකකරුවන් සිවුදෙනාම ලබන දෙසැම්බර් 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළේ, පාසල් ළමුන් පිළිබඳව කටයුතු කිරීමේදී මෙවැනි නොදන්නා පුද්ගලයන් මෙන්ම පාසලට නොගැළපෙන ආකාරයේ පුද්ගලයන් පාසල් තුළට කැඳවා ගැනීම්වලින් වළකින ලෙසටයි. සැමුවෙල් ජොන්සන් සමඟ පොලිස් බාරයට ගත් වෑන් රථයේ සඳහන් වූ ‘ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ සභාව – බස්නාහිර පළාත් සංවිධායක’ යන පුවරුවද ව්‍යාජව සකස් කළ එකක් බව සිළුමිණට කීවේ

ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ අධ්‍යක්ෂ ජෙනරාල් දිමුතු බාලසූරියයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි මේ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

අපි නිකුත් නොකළ පුවරුවක් ව්‍යාජව සකස්කොට භාවිත කිරීම සම්බන්ධයෙන්. මොහු වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව සඳහන් කරමින් ජනතාවට සේවය කරන්නෙක් ලෙස පෙනී සිටි හෙයින් අපගේ සාමාජිකත්වය ලබා දුන්නේ 2020 ඔක්තෝබර් 18 වැනිදා. ලබන දෙසැම්බර් 31න් සාමාජිකත්වය අහෝසි වීමට නියමිතයි. නොම්මර 415/22, පේෂකර්ම ගම්මානය, කදිරාන, දෙමං හන්දිය ලිපිනයේ විවාහක, රෝමන් කතෝලික පුද්ගලයෙක් ලෙසයි අපට දී තිබෙන තොරතුරුවල ඇතුළත් වන්නේ.

ඒ වගේම ඔහුට උපාධි, ඩිප්ලෝමා කිහිපයක්ම තිබෙන බවත් සඳහන් වෙනවා.” කෙසේ හෝ සැමුවෙල් ජොන්සන් වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටියත් මෙවැනි ක්‍රියාවලින් පිළිබිඹු වන්නේ ඔහු මානසික රෝගයකින් පෙළෙන්නෙක් බව කී දිමුතු බාලසූරිය, සාමාන්‍යයෙන් සිය ආයතනයට එක්වන විට නීති විරෝධි කටයුත්තක නිරත නොවන බවට දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරන බවයි.

එසේම සැමුවෙල් ජොන්සන් සිය ආයතනයට දී තිබෙන තොරතුරු ව්‍යාජ ඒවාද යන්න සොයා බලන බවත් ඉකුත් සිකුරාදා දින සිටම ඔහු සිය සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටද කටයුතු කරන බව හෙතෙම පැවැසුවේය. තවද ඔහුට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් නීතිමය පියවර ගන්නේනම් ඊට උපරීම සහාය සිය ආයතනයද ලබා දෙන බවත් දිමුතු බාලසූරිය කීවේය. හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ උපදෙස් මත එහි පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.ඩී.ජයසේන, පොලිස් සැරයන් 5288 වීරසිංහ සහ කොස්තාපල් 95091 නිමල් දිසානායක යන නිලධාරිහු එම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටිති.

ආර්. එම්. විජේරත්න හාලිඇළ සමූහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?