ගිණුම් විස්තර වෙන අයට දෙන්නේ බලාගෙනයි

වංචනික ලෙස ජනතාව රවටා මාර්ගගත ක්‍රමයට සිදුකරන මූල්‍ය ගනුදෙනු හරහා ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය මහජනතාවට අනතුරුව අඟවා සිටින්නේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමේ දී ඉතාම සැලකිලිමත් වන ලෙසයි.

මෙම ක්‍රමය යටතේ මූල්‍ය ගනුදෙනු කිරීමෙන් පසු මෙම සංවිධානාත්මක කණ්ඩායම්වල වංචාවට හසු වූ විශාල පිරිසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, වංචා විමර්ශන අංශයට සහ රටපුරා පොලිස් ස්ථානවලට පැමිණිලි කර තිබෙන අතර ඔන්ලයින් ක්‍රමය යටතේ ගනුදෙනු කරන සාමාන්‍ය පාරිභෝගික ජනතාව, ව්‍යාපාරිකයන්, විවිධ රැකියාවල නිරත වූවන් ඇතුළු විශාල පිරිසක් මෙම වංචනික සංවිධානාත්මක කණ්ඩායම්වලට මේ වන විටත් හසුවී තිබෙන බව පොලිසිය පවසයි.මෙම සංවිධානාත්මක කණ්ඩායම් විවිධ පුද්ගලයන් තම වංචාවන්ට හසුකර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි.

පළකරන දැන්වීම් ඔස්සේ විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමට ඔවුන් පොළඹවා ගන්නා අතර පසුව එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් එම බැංකු ගිණුම් හිමියන් සතු පෞද්ගලික දත්ත රැස්කර ඇති ඕ. ටී. පී. අංකය ලබාගැනීමට කටයුතු කරයි.

පසුව අන්තර්ජාලය හරහා එම බැංකු ගිණුම් හිමියාගේ ගිණුම්වලට ඇතුළු වන මෙම සංවිධානාත්මක පිරිස් ඒවායේ ඇති මුදල් වෙනත් ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර අහිංසක ජනතාවගේ මුදල් ලබා ගනී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?