ගිණුම් විස්තර වෙන අයට දෙන්නේ බලාගෙනයි

වංචනික ලෙස ජනතාව රවටා මාර්ගගත ක්‍රමයට සිදුකරන මූල්‍ය ගනුදෙනු හරහා ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය මහජනතාවට අනතුරුව අඟවා සිටින්නේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමේ දී ඉතාම සැලකිලිමත් වන ලෙසයි.

මෙම ක්‍රමය යටතේ මූල්‍ය ගනුදෙනු කිරීමෙන් පසු මෙම සංවිධානාත්මක කණ්ඩායම්වල වංචාවට හසු වූ විශාල පිරිසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, වංචා විමර්ශන අංශයට සහ රටපුරා පොලිස් ස්ථානවලට පැමිණිලි කර තිබෙන අතර ඔන්ලයින් ක්‍රමය යටතේ ගනුදෙනු කරන සාමාන්‍ය පාරිභෝගික ජනතාව, ව්‍යාපාරිකයන්, විවිධ රැකියාවල නිරත වූවන් ඇතුළු විශාල පිරිසක් මෙම වංචනික සංවිධානාත්මක කණ්ඩායම්වලට මේ වන විටත් හසුවී තිබෙන බව පොලිසිය පවසයි.මෙම සංවිධානාත්මක කණ්ඩායම් විවිධ පුද්ගලයන් තම වංචාවන්ට හසුකර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි.

පළකරන දැන්වීම් ඔස්සේ විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මූල්‍ය ගනුදෙනු කිරීමට ඔවුන් පොළඹවා ගන්නා අතර පසුව එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් එම බැංකු ගිණුම් හිමියන් සතු පෞද්ගලික දත්ත රැස්කර ඇති ඕ. ටී. පී. අංකය ලබාගැනීමට කටයුතු කරයි.

පසුව අන්තර්ජාලය හරහා එම බැංකු ගිණුම් හිමියාගේ ගිණුම්වලට ඇතුළු වන මෙම සංවිධානාත්මක පිරිස් ඒවායේ ඇති මුදල් වෙනත් ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර අහිංසක ජනතාවගේ මුදල් ලබා ගනී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05