ගෑස් සිලින්ඩරයට කතිරය ගැසිය යුත්තේ මන්දැයි රනිල් කියයි

ගෑස් සිලින්ඩරයට ලබාදෙන ඡන්දය මුළුතැන් ගෙට ලබාදෙන ඡන්දයක් සේම රටේ සහ දරුවන්ගේ අනාගත තීරණය කරන ඡන්දයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නුගේගොඩ – ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ ඊයේ (28) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මහජන රැලියට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ “පුළුවන් ශ්‍රී ලංකා” දේශපාලන වේදිකාව රට බේරා ගැනීමේ වේදිකාවක් බවයි.

එම වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මියගියත් දේශපාලන වාසි ලබාගත යුතු බව සිතූ දේශපාලනඥයන් බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළා.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අති විශාල ජනතාවක් එක්ව සිටියා.

එදා ජනතාව පිළිබඳ නොසිතු සහ විසඳුමක් නොතිබූ නායකයන් අද තමාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කළ ජනාධිපතිවරයා නැවතත් රටේ මෙවන් අසීරුතාවක් ඇති වුවහොත් සජිත් සහ අනුර පලා යනු ඇති බවත් සඳහන් කර සිටි බවයි පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු මහත්ම මාහත්මීන් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25