ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (10) දිනයේ සිට යළි ආරම්භ කර තිබෙනවා.
එම සමාගම පැවසුවේ මේ සමඟ ත්‍රිකුණාමලය ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (10) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව හෙට (11) සහ ලබන 16 යන දිනයන් වලදී ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් මෙම මාසය තුළ දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
161












