AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් මිලේ සංශෝධනයක් අද

ලිට්‍රෝ සමාගම විසින් අද (02) දිනයේ ගෑස් මිලේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුනි මස 04 වනදා අවසන් වරට ගෑස් මිල සංශෝධනය කරනු ලැබුවේ මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුවයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර, ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් ලෙස දැක්වෙනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් ද එහිදී පහත දමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?