ගෑස් මිලත් එක්කම ආහාර මිලත් ඉහළ යන ලකුණු (වීඩියෝ)

ඉදිරි කාලයේ නියත වශයෙන්ම ආපනශාලා සහ අවන්හල්වල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (07) රාත්‍රියේ දී සිදු වූ ලාෆ් ගෑස් මිල සංශෝධනය නිසා ඉහළ ගිය ගෑස් මිල සහ සහල් ඇතුළු අනෙකුත් ආහාර නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් පැවතීම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

අද (07) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුකශාන් පවසා සිටියේ මෙම රජය බලයට පත්වීමට පෙර පැවසූ පරිදි, ගෑස් මිල නිසි පරිදි නියාමනය කිරීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !